E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2012 වර්ෂය සඳහා රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

වෛද්‍ය (සංශෝධන)

(105 වන අධිකාරය වූ) වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2013 අගෝස්තු මස 07 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“රෝයල් චැරිටි පදනම (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. ටී. හසන් අලි මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත යෝජනාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

කිතුල් කර්මාන්තය නගා සිටුවීම උදෙසා කිතුල් වගා කිරීම වැඩි කිරීම

ග්‍රාමීය කර්මාන්ත කෙරෙහි කිතුල් මගින් සිදු කරනා සුවිශාල දායකත්වය හේතු කොට ගෙන ග්‍රාමීය ‍කර්මාන්ත සහ ග්‍රාමීය ප්‍රජාව නගා සිටුවිම පිණිස වගාවන් තුළ කිතුල් ගහනය වැඩි කිරීම සඳහා වන අපගේ දිරිය සැලසුමට අනුගතව නව කිතුල් වගාවන් සංඛ්‍යාව වැඩි කිරීම උදෙසා නිසි ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ලී බඩු කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදුවන දැව ජාවාරම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1517 ට 2014 මාර්තු මස 18 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks