පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභා
විශේෂ ව්‍යාපෘති කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව යනුවෙන් උපදේශක කාරක සභාවක් පත් කළ යුතු ය.
අංක 109 දරන ස්ථාවර නියෝගය අනුව කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා ඒ පිළිබඳව වාර්තා කිරීම සඳහා, අංක 106 දරන ස්ථාවර නියෝගයේ විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, එකී උපදේශක කාරක සභාව පස් දෙනෙකුට (05) නොඅඩු සහ විසිපස් දෙනෙකුට (25) නොවැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.
මෙම උපදේශක කාරක සභාවේ ගණපූරණය සභික මන්ත්‍රීන් තිදෙනෙකු (03) විය යුතු ය.
පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
කාරක සභාවේ කාල සීමාව 2014 අප්‍රේල් මස 30 වැනි දින දක්වා තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ධම්මදීප පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අචල ජාගොඩගේ මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක්
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉරාන් වික්‍රමරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1855 ට 2014 පෙබරවාරි මස 21 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks