පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2013
(ii) 2011 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ
(iii) 2011 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ
(iv) 2009, 2010 සහ 2011 වර්ෂ සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ
වාර්ෂික වාර්තා
සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලද නියම;
(v) 2014 ජනවාරි 30 දිනැති අංක 1847/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(vi) 2014 ජනවාරි 30 දිනැති අංක 1847/36 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(vii) 2014 ජනවාරි 30 දිනැති අංක 1847/37 දරන අති විශේෂ ගැසට් පත්‍රය
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පොන්. සෙල්වරාසා මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2013 දෙසැම්බර් 19 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“රිෂාඩ් බදියුදීන් පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හුනෙයිස් ෆාරුක් මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග
සභාව විසින් සම්මත කරන ලදී.
පහත පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2,3,4,6,10 සහ 12 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-
(i) අර්ල් ගුණසේකර පදනම (සංස්ථාගත කිරීමේ)
(ii) කල්පවෘක්ෂ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
(iii) කුඩාබුත්ගමුව ශ්‍රී පියදස්සනාරාම විහාරස්ථ කාර්යසාධන සමිතිය (සංස්ථාගත කිරීමේ)
(iv) මවුන්ට් කාමෙල් අධ්‍යාපනික ආයතනය (සංස්ථාගත කිරීමේ)
(v) ලංකාවේ රෝමානු කතෝලික අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ සහ රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා (සංශෝධන)
(vi) ස්වාභිමානී දහම් සවිය (සංස්ථාගත කිරීමේ)
පහත පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 5,7,8,9,11,13 සහ 14 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-
(vii) ග්ලෝබල් හ්‍යුමනිටේරියන් ෆවුන්ඩේෂන් (සංස්ථාගත කිරීමේ)
(viii) මිනුවන්ගොඩ සිංහ පදනම (සංස්ථාගත කිරීමේ)
(ix) මෛත්‍රී පදනම (සංස්ථාගත කිරීමේ)
(x) යූ. එල්. එම්. ෆාරුක් පදනම (සංස්ථාගත කිරීමේ)
(xi) වික්ටර් ඇන්ටනි අධ්‍යාපන, සමාජ, ආර්ථික සත්කාරක හා පුණ්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ)
(xii) ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය (සංස්ථාගත කිරීමේ)
(xiii) ශ්‍රී ලංකාවේ සමාජ වැඩ වෘත්තීයවේදීන්ගේ සංගමය (සංස්ථාගත කිරීමේ)
පහත සඳහන් (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 15 සිට 17 දක්වා සඳහන් වන) සභාව විසින් සලකා බලා සම්මත කරන ලදි:-
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“සිවු අවුරුදු සම සෞඛ්‍ය විද්‍යාවේදී උපාධි පාඨමාලාව යළි ස්ථාපනය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1920 ට 2014 පෙබරවාරි මස 19 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks