බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 126 වැනි සහ 321 වැනි වගන්ති යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2013 ජූලි 12 දිනැති අංක 1818/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(ii)  කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22(1) වැනි වගන්තිය යටතේ, සුරාබදු ‍සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලද නියම;

අ) 2013 ජූලි 29 දිනැති අංක 1821/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය (අංක 958 දරන සුරාබදු නිවේදනය)
ආ) 2013 ජූලි 29 දිනැති අංක 1821/4 දරන අති විශේෂ ගැසට් පත්‍රය (අංක 959, 960, 961 දරන සුරාබදු නිවේදන)

 

(iii)    (235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වන යෝජනාව (2013 ජූලි 29 දිනැති අංක 1821/18 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(iv)    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලද නියම;

අ) 2013 ජූලි 11 දිනැති අංක 1818/36 දරන අති විශේෂ ගැසට් පත්‍රය
ආ) 2013 ජූලි 31 දිනැති අංක 1821/32 දරන අති විශේෂ ගැසට් පත්‍රය
ඇ) 2013 අගෝස්තු 22 දිනැති අංක 1824/22 දරන අති විශේෂ ගැසට් පත්‍රය

 

(v)    2013 අංක 12 දරන මුදල් පනත මගින් සංශෝධිත, 2012 අංක 12 දරන මුදල් පනතේ IV වැනි කොටස යටතේ, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2013 ජූලි 11 දිනැති අංක 1818/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

(vi)    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2013 අංක 12 දරන මුදල් පනතේ 15(1) වැනි වගන්තිය යටතේ බෝග රක්ෂණ බද්ද සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පනවන ලදුව, 2013 අගෝස්තු 23 දිනැති අංක 1824/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

(vii)   1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2013 ජූලි 29 දිනැති අංක 1821/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

(viii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව සහ ලක්සම්බර්ග් මහා ආදිපාදී වසමේ ආණ්ඩුව අතර ආදායම් මත සහ ප්‍රාග්ධනය මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා වූ 2013 ජනවාරි 31 දින අත්සන් තබන ලද සම්මුතිය

(ix)    ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ

අ) පලස්තීන රජය අතර ඇතිකරගත් 2012 අප්‍රේල් 16 දින අත්සන් තබන ලද
ආ) සිෂෙල්ස් ජනරජ ආණ්ඩුව අතර ඇතිකරගත් 2011 සැප්තැම්බර් 23 දින අත්සන් තබන ලද
ඇ) බෙලාරුස් ජනරජ ආණ්ඩුව අතර 2013 අගෝස්තු 26 දින අත්සන් තබන ලද

ගිවිසුම් තුන

(x)    (අංක 1 සහ 2 වශයෙන්) 2012 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් - 2013

(xi)    සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වැනි වගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විමසා සාදන ලද නියම;

අ) 2013 සැප්තැම්බර් 23 දිනැති අංක 1829/23 දරන අති විශේෂ ගැසට් පත්‍රය
ආ) 2013 සැප්තැම්බර් 23 දිනැති අංක 1829/24 දරන අති විශේෂ ගැසට් පත්‍රය

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන)

බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම පිණිස ද; උත්තේජක ද්‍රව්‍ය මර්දන නියෝජ්‍යායතනයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම මගින් එකී සම්මුතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඉහත කී සම්මුති රාමුව තුළ ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිවීම සඳහා අදාළ දේශීය නීතිමය යාන්ත්‍රනයක් නිශ්චිතවම සඳහන් කිරීම පිණිස ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ගරු ක්‍රීඩා අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“2000 අංක 21 දරන ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරී‍මේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අජිත් පී. පෙරේරා මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විද්‍යාව හා තාක්ෂණය වැඩිදියුණු කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කිතුල්ගල බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1831 ට 2013 ඔක්තෝබර් මස 9 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks