බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2011 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ

(ii)    2012 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ

(iii)    2012 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ

(iv)    2012 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

(v)    2012 වර්ෂය සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

(vi)    2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

(vii)    2008 සහ 2009 වර්ෂ සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තා

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන)

(262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ තේරීපත්වූ පළාත් පාලන ආයතනවල නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති හෝ සභිකයකුගේ ධූරයෙහි පුරප්පාඩු පිරවීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ර / කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජානක බණ්ඩාර මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය (විගණකාධිපතිවරයාගේ වැටුප)

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව වෙනුවෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1846 ට 2013 ජූලි මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks