බලන්න

E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන)

1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ ඇතැම් නියමවලින් අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ තැනැත්තන් නිදහස් කිරීම සඳහා විශේෂ විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i) "මඩකලපුව තරුණ ක්‍රිස්තියානි සංගමය (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු පොන්. සෙල්වරාසා මහතාට අවසර දෙන ලදී.

(ii) "සංස්කෘතිය සහ සාරධර්ම ගොඩනැඟීම සඳහා වූ ශ්‍රී ලංකා සංස්කෘතික පදනම (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු දිලිප් වෙදආරච්චි මහතාට අවසර දෙන ලදී.

(iii) "ශ්‍රී සිද්ධාර්ථ පදනම (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු විදුර වික්‍රමනායක මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත අංක (i), (ii) සහ (iii) දරන පනත් කෙටුම්පත් පිළිවෙළින්,

• බුද්ධ ශාසන හා ආගමික කටයුතු
• සංස්කෘතික හා කලා කටයුතු
• සමාජ සේවා

අමාත්‍යවරු වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත

දෙවැනි වර කියවීමේ විවාදය මතු දිනකට කල් තබන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"රාජ්‍ය නොවන සංවිධානවල විනිවිදභාවය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1916 ට 2013 ජූනි මස 7 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks