බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ
(ii) 2012 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii) 2012 වර්ෂය සඳහා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ
(iv) 2012 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ
(v) 2012 වර්ෂය සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා


(vi) 2012 වර්ෂය සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති වාර්තාව


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i) "අකුරණ ජාමිආ රහ්මානියා අරාබි විදුහල (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අබ්දුල් හලීම් මහතාට අවසර දෙන ලදී.

(ii) "සෙරෙට්සෙ ඛාමා පදනම් භාරය (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී.

(iii) "ගල්හින්න ජාමිඅතුල් ෆත්තාහ් අරාබි විදුහල (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හුනෙයිස් ෆාරුක් මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත අංක (i) සහ (iii) පනත් කෙටුම්පත් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත ද, අංක (ii) පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත ද යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ නි‍යෝගය

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"පොහොර හිඟය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පී. හැරිසන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1923 ට 2013 ජූනි මස 6 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks