බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2010 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ
(ii) 2010 වර්ෂය සඳහා අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ
(iii) 2010 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ
(iv) 2010 වර්ෂය සඳහා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ
(v) 2010 වර්ෂය සඳහා ජෛව රසායන, අණුක ජෛව වේද හා ජෛවතාක්ෂණ ආයතනයේ
(vi) 2011 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ
(vii) 2011 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ
(viii) 2011 වර්ෂය සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ
(ix) 2010 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ
(x) 2010 වර්ෂය සඳහා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ
(xi) 2011 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ
(xii) 2011 වර්ෂය සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ

වාර්ෂික වාර්තා


(xiii) ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ 10 සහ 25 වැනි වගන්ති සමග කියවිය යුතු එම පනතේ 30 වැනි වගන්තිය යටතේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝගය (2013.02.15 දිනැති අංක 1797/21 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

කාරක සභාවේ කාල සීමාව 2013 අගෝස්තු මස 31 වැනි දින දක්වා තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

"මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය (සංස්ථාගත කිරීමේ)"

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(ii) ඉඩම් සංවර්ධන ආඥාපනත යට‍තේ රෙගුලාසි
(iii) විසර්ජන පනත යටතේ යෝජනා නවයක්



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට්" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වික්ටර් ඇන්ටනි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2013 මැයි මස 31 වැනි සිකුරාදා පැය 1445 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks