ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i)
2006,
2007 සහ
2008 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයේ
(ii)
2011 වර්ෂය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ
වාර්ෂික වාර්තා
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
රාජ්‍ය ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය (සංශෝධන)
2008 අංක 5 දරන රාජ්‍ය ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
"අර්ල් ගුණසේකර පදනම (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 4,5,8 සහ 9 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු (සංශෝධන)
(ii) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන)
(iii) සුරාබදු (සංශෝධන)
(iv) විදුලි සංදේශ බදු (සංශෝධන) - සංශෝධන සහිතව
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1755 ට 2013 මාර්තු මස 20 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.