ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i)
2005,
2006,
2007,
2008,
2009 සහ
2010 වර්ෂ සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ
(ii) 2011 වර්ෂය සඳහා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ
(iii) 2010 වර්ෂය සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ
(iv) 2010 වර්ෂය සඳහා සී/ස ඇල්කඩුව වැවිලි සමාගමේ
වාර්ෂික වාර්තා
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-
1. මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන)
(2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සංශෝධනය කිරීම සඳහා)
2. ආර්ථික සේවා ගාස්තු (සංශෝධන)
(2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා)
3. සුරාබදු (සංශෝධන)
((52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා)
4. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන)
(2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝධනය කිරීම සඳහා)
5. වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු (සංශෝධන)
(2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත සංශෝධනය කිරීම සඳහා)
6. විදුලි සංදේශ බදු (සංශෝධන)
(2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා)
7. එකතුකල අගය මත බදු (සංශෝධන)
(2002 අංක 14 දරන එකතුකල අගය මත බදු පනත සංශෝධනය කිරීම පිණිස)
8. රේගු (සංශෝධන)
((235 වන අධිකාරය) වූ රේගු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා)
9. ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත (සංශෝධන)
(1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය කිරීම සඳහා)
10. ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන)
(2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා)
11. දේශීය ආදායම් (සංශෝධන)
(2006 අංක 10 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා)
12. බදු අභියාචනා කොමිෂන් සභාව (සංශෝධන)
(2011 අංක 23 දරන බදු අභියාචනා කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා)
13. මුදල්
(1995 අංක 16 දරන මුදල් පනත, 2003 අංක 25 දරන මුදල් පනත, 2012 අංක 12 දරන මුදල් පනත සහ 1963 අංක 11 දරන මුදල් පනත සංශෝධනය කිරීම පිණිස ද; බෝග රක්ෂණ බද්දක් පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද)
14. විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන)
((112 වන අධිකාරය වූ) විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම පිණිස)
15. මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන)
((115 වන අධිකාරය වූ) මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා)
16. උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන)
((110 වන අධිකාරය වූ) උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා)
17. නොතාරිස් (සංශෝධන)
((107 වන අධිකාරය වූ) නොතාරිස් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා)
18. උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන)
((113 වන අධිකාරය වූ) උඩරට විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා)
19. ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන)
((117 වන අධිකාරය වූ) ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා)
20. ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන)
((122 වන අධිකාරය වූ) ඇටෝර්නි බලපත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා)
21. නැවත පදිංචි කරවීමේ අධිකාරිය (සංශෝධන)
(2007 අංක 9 දරන නැවත පදිංචි කරවීමේ අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම් ඵලදායි කටයුතු සඳහා යොදා ගැනීම
කුඹුරු ඉඩම් ගොඩකිරීමේ නීතිය උල්ලංඝනය නොවන පරිදි, විධිමත් අධ්‍යයනයකින් හඳුනා ගැනීමෙන් පසු කිසිසේත්ම වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල ඵලදායී කෘෂි නිෂ්පාදන පමණක් වගා කිරීමටත් ,ඉදිකිරීම් කටයුතු සඳහා කිසිසේත්ම ඉඩ ප්‍රස්ථා නොලැබෙන ආකාරයේ වැඩසටහන් සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
පොල් කර්මාන්තයෙහි සහ පොල් සම්පත්වල සංවර්ධනය හා ප්‍රවර්ධනය විධිමත් කිරීම
වාණිජමය නිෂ්පාදන අතර ඉතා වැදගත් ස්ථානයක් පොල්වලට හිමි වන හෙයින් පොල් සම්පත් සහ ඒවායේ පරිසරය තිරසාරව පවත්වා ගන්නා අතරම දළ දේශීය නිෂ්පාදිතයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ලෙස පොල් කර්මාන්තය සහ පොල් සම්පත්වල සංවර්ධනය විධිමත් කොට ප්‍රවර්ධනය කිරීම උදෙසා අර්ථාන්විත පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"සෙංකඩගල නගරයේ සුරාසැල් වසා දැමීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1815 ට 2013 මාර්තු මස 19 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.