E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.


පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

කාරක සභාවේ කාල සීමාව 2013 මැයි මස 31 වැනි දින දක්වා තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී:-

(i) පොදු කොන්ත්‍රාත් පනත ය‍ටතේ නියෝග - සම්මත විය

(ii) අති උත්තම සොළොස්වැනි බෙනඩික්ට් පාප්වහන්සේගේ සේවය ඇගයීම


කල් තැබීමේ යෝජනාව

"තෙල්ලිප්පලෙයි දුර්ගෙයි අම්මන් කෝවිල් පරිශ්‍රයේ ඇති වූ සිද්ධිය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2013 පෙබරවාරි මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks