ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ
(ii) 2011 වර්ෂය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ
(iii)
2010 සහ
2011 වර්ෂ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(iv) 2011 වර්ෂය සඳහා කුරුණෑගල වැවිලි සමාගමේ
(v) 2011 වර්ෂය සඳහා පරන්තන් කෙමිකල්ස් කම්පැනි ලිමිටඩ්හි
(vi) 2011 වර්ෂය සඳහා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ
වාර්ෂික වාර්තා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය විධිමත් කිරීමට නව නීති සකස් කිරීම
සියලු දෙනාටම සමාන සාධාරණත්වයක් සහතික කරනු වස් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් සහ උද්දීප්තිමත් නිදහස් මාධ්‍යයක් පවත්වාගෙන යාම සඳහා අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය විධිමත් කිරීමට නව නීති සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම
ශ්‍රී ලංකාවේ විවිධ රැකියා උත්පාදන ක්ෂේත්‍ර තුළ විවිධ නිෂ්පාදන කටයුතු කරන , දස ලක්ෂයකට ආසන්න ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා දේශපාලන බල අධිකාරිය ඒ සඳහා සබැඳි සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින්, උගතුන් හා බුද්ධිමතුන්ගෙන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි ද සහාය ලබා ගනිමින් විධිමත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට එය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
උපාධිධාරී ග්‍රාම නිලධාරීන් ඇගැයීම සඳහා දීමනාවක් ලබා දීම
රාජ්‍ය සේවය ගම් මට්ටමින් ජනතාවට ලබා දීම සඳහා සේවය කරන ග්‍රාම නිලධාරීන් අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් පසුව තරඟ විභාග ලකුණු මත බඳවා ගෙන ඇතත්, දැනට සේවයේ යෙදී සිටින ග්‍රාම නිලධාරීන් අතරින් 30 % ක් 40 % ක් පමණ පිරිසක් උපාධි සුදුසුකම් ලබා ඇති අතර එයට කිසිදු සැලකිල්ලක් මෙතෙක් දක්වා නැති බැවින්, උපාධි සුදුසුකම ඇගැයීම සඳහා උපාධිධාරී ග්‍රාම නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට අවශ්‍ය පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික ස්ථාන පිළිබඳ නිබන්ධනයක් සකස් කිරීම
ගාල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික, පුරා විද්‍යාත්මක හා සංස්කෘතිකමය වශයෙන් වටිනා ස්ථාන සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකර ඒ පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් වටිනාකමක් ඇති නිබන්ධනයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"නීතිමය ලේඛන සඳහා අය කරන මුද්දර ගාස්තු අඩු කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1903 ට 2013 පෙබරවාරි මස 19 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.