E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ
(ii) 2010 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ

වාර්ෂික වාර්තා

(iii) 2011 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ධූරයෙන් ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව ප්‍රකාර ‍යෝජනාව සලකා බැලීම.

නම් අනුව ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 155; විරුද්ධව 49) සභාව විසින් සම්මත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2000 ට 2013 ජනවාරි මස 22 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks