E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2011 වර්ෂය සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ
(ii) 2008 සහ 2009 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ
(iii) 2008 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ

වාර්ෂික වාර්තා


(iv) 2011 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ
(v) 2011 වර්ෂය සඳහා සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයේ
(vi) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ

කාර්යසාධන වාර්තා


කාරක සභා වාර්තා පිළිගැන්වීම

"ලංකා ශාන්ත ජෝසප් සොහොයුරන්ගේ සංගමය (සංශෝධන)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ "බී" ස්ථාවර කාරක සභාවේ වාර්තාව සහ එහි කාර්ය සටහන් පිළිගන්වන ලදී.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

පහත සඳහන් (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු හුනෙයිස් ෆාරුක් මහතාට අවසර දෙන ලදී;

(i) එක්සත් මුස්ලිම් උම්මාහ්
(ii) ශ්‍රී ලංකා හිරා පදනම


ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත් දෙක සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"රටේ පවතින ගංවතුර තත්ත්වය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2013 ජනවාරි මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks