ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1974 අංක 35 දරන රේගු (සංශෝධන) පනතින් සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 19(අ) වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලද නියමය (2012.10.11 දිනැති අංක 1779/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii) 2011 අංක 52 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2012
(iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තියේ (ආ) ඡේදය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද නියමය (2012.11.21 දිනැති අංක 1785/22 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(iv) ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 2010 සහ 2011 වර්ෂවල පැවැති 99 සහ 100 වැනි සැසිවාරයන් හි දී පිළිගනු ලැබූ සම්මුතීන් හා නිර්දේශ
(v) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලද නියමය (2012.10.31 දිනැති අංක 1782/28 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(vi)
2011 වර්ෂය සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ
(vii)
2011 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
(viii)
2010 වර්ෂය සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ
(ix)
2009 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ
වාර්ෂික වාර්තා
(x)
2011 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) "හෙළ ජන පදනම (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු තිස්ස අත්තනායක මහතාට අවසර දෙන ලදී.
(ii) "පෝද්දල - මීපාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ අධ්‍යාපන සහන සේවා පදනම (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතාට අවසර දෙන ලදී.
(iii) "ග්ලෝබල් හ්‍යුමනිටේරියන් ෆවුන්ඩේෂන් (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු උදිත් ලොකුබණ්ඩාර මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත් තුන සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
දිවි නැගුම පනත් කෙටුම්පත
දෙවැනි වර කියවීමේ දී (පක්ෂව 160; විරුද්ධව 53) සහ තුන්වැනි වර කියවීමේ දී (පක්ෂව 159; විරුද්ධව 42) නම් අනුව ඡන්ද විමසීමක් පවත්වා, සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2035 ට 2013 ජනවාරි මස 9 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.