E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම (i) 2011 වර්ෂය සඳහා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ (ii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ (iii) 2008 සහ 2009 වර්ෂ සඳහා ජාතික පශු සම්පත් මණ්ඩලයේ (iv) 2008 මාර්තු 31 න්, 2009 මාර්තු 31 න් සහ 2010 මාර්තු 31 න් අවසන් වූ වර්ෂ සඳහා ලංකා ලේලන්ඩ් ලිමිටඩ්හි (v) 2010 වර්ෂය සඳහා ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ (සාගර විශ්වවිද්‍යාලය) වාර්ෂික වාර්තා (vi) 2011 වර්ෂය සඳහා ජාතික ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ පාලන වාර්තාව අද දින සභාවේ ප්‍රධාන කටයුතු විසර්ජන පනත් කෙටුම්පත (2013) - කාරක සභා අවස්ථාව 2013 විසර්ජන පනත් කෙටුම්පතේ විසිතුන්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය". 2013 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සංශෝධන සහිතව සභාව විසින් අද දින වැඩි ඡන්ද 101 කින් සම්මත කරන ලදී. වැඩි විස්තර සඳහා, 'අයවැය 2013' කොටස බලන්න. පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 15 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:- (i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හතරක් (ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගයන් දෙකක් (iii) සුරාබදු ආඥාපනත යටතේ නියමයන් තුනක් (iv) රේගු ආඥාපනත යටතේ යෝජනාව (v) වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය (vi) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත ය‍ටතේ නියෝග තුනක් අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2013 ජනවාරි මස 8 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks