E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2010 වර්ෂය සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ
(ii) 2010 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ

වාර්ෂික වාර්තා


(iii) 2011-2012 වර්ෂය සඳහා ඩී. එෆ්. සී. සී. බැංකුවේ විගණකවරුන්ගේ වාර්තාව හා ගිණුම්


(iv) 2011 වර්ෂය සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(v) 2011 වර්ෂය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

කාර්යසාධන වාර්තා


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත ය‍ටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


පහත සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 3 සහ 4 වශයෙන් සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

(i) චන්දිම වීරක්කොඩි පදනම
(ii) නිමල් සිරිපාල ද සිල්වා පදනම



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"දෙමළ භාෂා සඟරා ප්‍රකාශකයන්ට මූල්‍ය සහනාධාරයක් ලබාදීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1849 ට 2012 ඔක්තෝබර් මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks