E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමා සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-

1. නොතාරිස් (සංශෝධන)

(නොතාරිස් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා)

2. ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන)

(ලේඛන ලියාපදිංචි කිරී‍මේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා)


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 7 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

• ආහාර පනත යට‍තේ නියෝග හයක්
• පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"නාගරික සංවර්ධන අධිකාරියේ සේවය ඇගයීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1915 ට 2011 සැප්තැම්බර් මස 21 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks