පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ii) 2025 වර්ෂය සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iii) 2025 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iv) 2025 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(v) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(vi) 2025 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(vii) 2025 වර්ෂය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(viii) 2025 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ix) 2025 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(x) 2025 වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xi) 2025 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xii) 2025 වර්ෂය සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වාරිමාර්ග අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xiii) 2025 වර්ෂය සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉඩම් අංශයේ කාර්ය සාධන වාර්තාව.
(xiv) 2025 වර්ෂය සඳහා කම්කරු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xv) 2025 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xvi) 2025 වර්ෂය සඳහා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xvii) 2025 වර්ෂය සඳහා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xviii) 2025 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xix) 2025 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව 2025.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුනීර් මුලාෆර් මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) හංසක විජේමුණි මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම
(ii) ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
යාපනය සහ වවුනියාව බන්ධනාගාරවල පහසුකම්
ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
(i) ‘ක්‍රිප්ටෝ මුදල් සහ අනෙකුත් ඩිජිටල් වත්කම් නියාමනය කිරීම’ සහ ‘ගනුදෙනු සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාව තුළ දෘඩ මුදල් වර්ග නිල වශයෙන් පිළිගැනීම පිළිබඳ ගැටළු’ සම්බන්ධයෙන් 2026.03.17 සහ 2026.04.08 යන දිනයන්හි ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
(ii) උතුරේ දෙමළ ජනතාවගේ නිදහස් නොකළ ඉඩම් අනිසි ලෙස භාවිතා කිරීම සහ ඒවා නැවත ලබා දීමට ගත් පියවර සම්බන්ධයෙන් 2026.05.07 දින ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“1999 අංක 2 දරන ශ්‍රී ලංකා කැල්වරි දේවස්ථානය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජී.ජී. පොන්නම්බලම් මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) – සංශෝධන සහිතව - තුන්වනවර කියවීමේදී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 154; විරුද්ධව 02)
(ii) මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) – සංශෝධන සහිතව
(iii) ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1815 ට 2026 ජූලි මස 10 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks