logo

02

E   |     |  

2026 ජූලි මස 8 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්
2 : ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද මහජන පෙත්සම් සම්බන්ධයෙන්


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XLIII (43) කොටස සහ සිව්වැනි කාණ්ඩයේ XXVII (27), XXVIII (28), XXIX (29) හා XXX (30) කොටස්.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2025 වර්ෂය සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ii)    2025 වර්ෂය සඳහා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iii)    2025 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iv)    2025 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(v)    2025 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(vi)    2025 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(vii)    2025 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(viii)    2025 වර්ෂය සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව.
(ix)    2025 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(x)    2025 වර්ෂය සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xi)    2025 වර්ෂය සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ කෘෂිකර්ම සහ පශු සම්පත් අංශවල වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xii)    2025 වර්ෂය සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව.
(xiii)    2025 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xiv)    2025 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xv)    2025 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xvi)    2025 වර්ෂය සඳහා ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xvii)    2025 වර්ෂය සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව.
(xviii)    2025 වර්ෂය සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව.
(xix)    2025 වර්ෂය සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දෙගේ මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. එම්. තාහිර් මහතා          
                       
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු ෂන්මුගම් කුගදාසන් මහතා
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දෙගේ මහතා
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
උතුර සහ නැගෙනහිර පළාත්වල සිවිල් ජනතාවට අයත් ඉඩම්වල නැවත පදිංචි කිරීම


අමාත්‍යාංශ නිවේදන

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රයක් නොමැතිකම සම්බන්ධයෙන් 2026.06.26 දින ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ නියෝග
(ii)    රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය
(iii)    මෝටර් වාහන පනත යටතේ නියෝග
(iv)    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයන් දෙකක්



කල් තැබීමේ යෝජනාව

“විදේශගත සංක්‍රමණික සේවකයින්ගේ ගැටළු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1737 ට 2026 ජූලි මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.




මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks