පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVIII (58), LIX (59) හා LX (60) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XLIII (43) හා XLIV (44) කොටස්.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2025 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ii) 2025 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii) 2025 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව.
(iv) 2025 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(v) 2025 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(vi) 2025 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(vii) 2025 වර්ෂය සඳහා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව.
(viii) 2025 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(ix) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත, ශ්‍රී ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පේෂකර්ම තාක්ෂණ අධ්‍යයන අංශය, පේෂකර්ම සහ ඇඟලුම් ඉංජිනේරු අධ්‍යයන අංශය ලෙස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2026 මාර්තු 20 දිනැති අංක 2480/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(x) 2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.05.05 සිට 2026.05.29 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(xi) 2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xii) 2025 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ හිමිකම් රක්ෂණ අරමුදලේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්.
(xiii) 2025 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්.
(xiv) 2025 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xv) 2025 වර්ෂය සඳහා කුරුණෑගල, යාපනය, කිලිනොච්චිය, ගාල්ල, මාතර, මුලතිව්, බදුල්ල, පොළොන්නරුව, කළුතර, මහනුවර, හම්බන්තොට, මන්නාරම, වවුනියාව, අනුරාධපුර සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්ය සාධන වාර්තා.
(xvi) 2025 වර්ෂය සඳහා පුත්තලම, නුවරඑළිය, අම්පාර, කොළඹ, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්ය සාධන වාර්තා සහ ගිණුම්.
(xvii) 2025 වර්ෂය සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xviii) 2025 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xix) 2025 වර්ෂය සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xx) 2025 වර්ෂය සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
වී මිල නියම කිරීම, සහල් ආනයනය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය
(ii) ගරු රවී කරුණානායක මහතා
කොළඹ වරාය නගරය සඳහා ගොඩ කරන ලද ඉඩම් පිළිබඳ විස්තර
අමාත්‍යාංශ නිවේදන
(i) ඛනිජ ගවේෂණය, පතල් කැණීම සහ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය පිළිබඳ විස්තර සම්බන්ධයෙන් 2026.06.24 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය, ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
(ii) නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් 2026.06.23 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
(iii) ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු වන්දි ලබාදීම, ප්‍රතිසංස්කරණ සහ නැවත පදිංචි කිරීම සඳහා ගත් පියවර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2026.02.03 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
(iv) මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග
(ii) දූෂණ විරෝධී පනත යටතේ නියෝග දෙකක්
කල් තැබීමේ යෝජනාව
“මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1841 ට 2026 ජූලි මස 8 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks