පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
ගරු කථානායකතුමා විසින් පිළිගැනීමේ කථාව
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා විසින් වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක අතිගරු ටෝ ලාම් මැතිතුමා පිළිගන්නා ලදී.
වියට්නාම සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක ටෝ ලාම් මැතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව ඇමතීම
වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ටෝ ලාම් මැතිතුමා විසින් අද දින පෙ.ව. 11.40 ට සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතන ලදී.
ස්තුති කථා
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්තුති කථා පවත්වන ලදී.
ගරු කථානායකතුමා විසින් ප.ව. 1.30 වන තෙක් රැස්වීම තාවකාලිකව අත්හිටවනු ලැබීය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLVIII (48) කොටස;
• 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVI (56) කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXI (31) කොටස; සහ
• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIX (49), L (50) හා LI (51) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXVI (36) කොටස
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ (1) ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හයවැනි වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් එහි සාමාජික, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1, 2, 3, 4, 6 සහ 7 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-
• ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම
ශ්‍රී ලංකාවේ ඕනෑම ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ මූලික අධ්‍යාපන සුදුසුකම් හෝ Z-අගය මත පදනම් නොවී ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවශ්‍ය නෛතික හා උසස් අධ්‍යාපනික ව්‍යුහය රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීම
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල රාමුවෙන් බැහැරව, රැකියා වෙළඳපොළ හා වෘත්තීය තාක්ෂණය ඉලක්ක කොටගත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලා පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• සංක්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන ගැටළු විසඳීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම
සංක්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන පහරදීම, පැහැර ගැනීම, ස්ත්‍රී දූෂණය, ලිංගික අපයෝජනය, මනුෂ්‍ය ඝාතනය හා මූල්‍ය වංචා ඇතුළු ගැටළු පිළිබඳව සොයා බැලීමට සහ බලපෑමට ලක් වූ සේවකයින්හට ශ්‍රී ලංකාවට ආරක්ෂිතව නැවත පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීමට නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• මහාචාර්ය, ආචාර්ය තනතුරු අවභාවිත කිරීම වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීම
වර්තමානයේ අප සමාජයේ බොහෝ පිරිස් මහාචාර්ය, ආචාර්ය වැනි තනතුරු හා නාමයන් අවභාවිත කරන හෙයින් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා වැඩසටහනක් සකස් කිරීමට රජය විසින් අවශ්‍ය පියවර ගනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• ෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශ්‍රවලට සහ පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම
විශේෂයෙන්ම ඌව පළාත ඇතුළුව කඳුකර ප්‍රදේශවල වගා කර ඇති ෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශවලට සහ පරිසරයට සිදුවන හානිය පිළිබඳව සලකා බලා ඒවා ඉවත් කර ප්‍රයෝජනවත් දේශීය වගාවන් සිදු කිරීමට ක්‍රමවේදයක් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• තරුණ දරුවන් විසින් සිය දිවි හානි කර ගැනීම වළක්වා ගැනීම
පසුගිය කාලය තුළ සෑම පාසලකම උපදේශනය සඳහා ගුරුවරුන් පුහුණු කිරීම, සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම උපදේශන අංශයක් පිහිටුවීම, සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම උපදේශන ඒකකයක් පිහිටුවීම, රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපදේශන ඩිප්ලෝමා පාඨමාලා, උපාධි පාඨමාලා, පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වීම, මානසික අවපීඩන තත්ත්වයන්ට විසඳුම් සෙවීම සඳහා සෑම ප්‍රධාන රෝහලකම මානසික වෛද්‍ය ඒකක පිහිටුවීම ආදිය මඟින් තරුණ දරුවන් සිය දිවි හානි කර ගැනීම වළක්වා ගැනීමට ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති හෙයින් දේශපාලන අධිකාරිය, රජයේ නිලධාරින්, විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය සහ මහජනතාව එකී ක්‍රියාමාර්ග කෙරෙහි ගැඹුරින් මැදිහත් විය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1716 ට 2026 මැයි මස 19 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks