පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබාගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජනවාරි 16 දිනැති අංක 2471/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(ii) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබාගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජනවාරි 16 දිනැති අංක 2471/53 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iii) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබාගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජනවාරි 16 දිනැති අංක 2471/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iv) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබාගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජනවාරි 16 දිනැති අංක 2471/55 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(v) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 52 වගන්තිය සමඟ කියවිය යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විමසා, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 පෙබරවාරි 13 දිනැති අංක 2475/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(vi) 2021 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, එහි සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා - පෙත්සම් පහයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ විෂමාචාර, විනිවිදභාවයක් නොමැතිකම සහ මාධ්‍ය සීමා කිරීම
(ii) ගරු සජිත් ප්‍රේමදාස මහතා
ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ ගැටළු
ගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් 2026.02.06 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -
(i) මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) - 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා
(ii) ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) - 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා
ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2025 නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව, 2026 ජූලි 21 දින දක්වා දීර්ඝ කළ යුතු ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) යුද්ධ හමුදා පනත යටතේ නියෝග
(ii) නාවික හමුදා පනත යටතේ නියෝග
(iii) ගුවන් හමුදා පනත යටතේ නියෝග
(iv) මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය - ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 137; විරුද්ධව 27)
(v) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
කල් තැබීමේ යෝජනාව
“2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා ප්‍රහාරය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1816 ට 2026 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks