02

E   |     |  

2026 මාර්තු මස 17 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
2 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක්
3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.
(ii)    2024 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම්.
(iii)    2024 වර්ෂය සඳහා හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.
(iv)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(v)    (357 අධිකාරය වූ) යුද්ධ හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 පෙබරවාරි 15 දිනැති අංක 2423/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(vi)    (358 අධිකාරය වූ) නාවික හමුදා පනතේ 161 වගන්තිය යටතේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 පෙබරවාරි 15 දිනැති අංක 2423/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(vii)    (359 අධිකාරය වූ) ගුවන් හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 පෙබරවාරි 15 දිනැති අංක 2423/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(viii)    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 7(1) (ඇ) වගන්තිය සහ VI වන කොටස සමඟ කියවිය යුතු 105 වගන්තිය යටතේ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් සාදන ලදුව, 2026 ජනවාරි 30 දිනැති අංක 2473/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති.
(ix)    2023 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(x)    2021 වර්ෂය සඳහා මිල්කො (ප්‍රයිවට්) ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.
(xi)    2022 වර්ෂය සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(xii)    2024 වර්ෂය සඳහා ඉඩම් මැනුම් සභාවේ වාර්ෂික වාර්තාව.
(xiii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහා නගර සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(xiv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සබරගමුව පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(xv)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(xvi)    2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු 34 වගන්තිය යටතේ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව 2026 සම්බන්ධයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජනවාරි 16 දිනැති අංක 2471/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(xvii)    2023 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා - පෙත්සම් හතරයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
ලෝකයේ යුදමය වාතාවරණය මධ්‍යයේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා රජය ගන්නා පියවර

ගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

(ii)    ගරු රවී කරුණානායක මහතා
ක්‍රිප්ටෝ මුදල් සහ අනෙකුත් ඩිජිටල් වත්කම් නියාමනය කිරීම



පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් පිළිගන්වන ලදී - 
(i)    දේශීය ආදායම් (සංශෝධන) - 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා
(ii)    සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) - 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා

(iii)    තැනැත්තන් සහ සමාගම් බේරා ගැනීමට, පුනරුත්ථාපනය කිරීමට සහ තැනැත්තන්ගේ සහ සමාගම්වල වස්තුභංගත්වයට අදාළ නීතිය සංශෝධනය කිරීම සහ ඒකාබද්ධ කිරීම සඳහා ද; (97 වන අධිකාරය වූ) වස්තුභංගත්ව ආඥාපනත ඉවත් කිරීම සඳහා ද; 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා ද; 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා ද; 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“බේරාගැනීම, පුනරුත්ථාපනය සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික)”

නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සංවර්ධන නිලධාරීන් මුහුණ දෙන දුෂ්කරතා” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1738 ට 2026 මාර්තු මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks