02

E   |     |  

2026 පෙබරවාරි මස 20 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
2 : පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ස්ථාවර නියෝග 119 සහ 120 සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන ස්ථාවර නි‍යෝග පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වන ගරු කථානායකවරයා විසින් පිළිගන්වන ලදී.
(ii)    විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති,              ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රිනී ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු රවී කරුණානායක මහතා
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය, ප්‍රතිව්‍යුහගත කිරීමේ ගමන් පථය සහ මූල්‍ය හෙළිදරව් කිරීම්


අමාත්‍යාංශ නිවේදන

(i)    වාණිජ සහ වාණිජ නොවන ණය පිළිබඳ විස්තර සහ ගැටළු සම්බන්ධයෙන් 2025.12.18 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

(ii)    ශ්‍රී ලංකා පොලිස් සේවය පිළිබඳ විස්තර සහ දේශීය හා ජාත්‍යන්තර අපරාධ ජාලයට එරෙහිව රජය ගත් පියවර සම්බන්ධයෙන් 2026.02.19 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ගරු ආනන්ද විජේපාල මහතා පිළිතුරු ලබා දුන්නේ ය.



කල් තැබීමේ යෝජනාව

“විදුලිබල ක්ෂේත්‍රයට අදාළ ගැටළු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1750 ට 2026 මාර්තු මස 3 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.







මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks