01

E   |     |  

2026 ජනවාරි මස 08 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව ‍‍‍සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන.
(ii)    2021, 2022 සහ 2023 වර්ෂ සඳහා සී/ස පරන්තන් කෙමිකල්ස් සමාගමේ වාර්ෂික වාර්තා.
(iii)    2023 වර්ෂය සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ධීවර අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තා පහක්, එම කාරක සභාවේ සභාපති, ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා විසින් පිළිගන්වන ලදී.



පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා - පෙත්සම් දෙකයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා               

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගැටළු



අමාත්‍යාංශ නිවේදන

(i)    2025 අයවැයෙන් ක්‍රියාත්මක කරන ලද යෝජනා, ලබාගත් ප්‍රතිඵල ආදිය සහ උද්ධමන ඉලක්කය 2% වෙනුවට 5%ක් ලෙස නියම කිරීමට රජය සහ මහ බැංකුව ගත් තීරණය සම්බන්ධයෙන් 2025.10.24 දින පිළිවෙළින් ගරු සජිත් ප්‍රේමදාස මහතා සහ ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
(ii)    පෙර පාසල් සඳහා රෙගුලාසි, ගුරු දීමනා, පහසුකම් ආදිය සම්බන්ධයෙන් 2025.11.25 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය, ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පිළිතුරු ලබා දුන්නා ය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මෝටර් වාහන පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ළමා සංවර්ධන හා ආරක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1734 ට 2026 ජනවාරි මස 9 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.







මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks