03

E   |     |  

2025 දෙසැම්බර් මස 18 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව, ගරු අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ රැස්වීමක් කැඳවීමේ නිවේදනය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් කියවනු ලැබීය. 


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
2 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
3 : ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
4 : අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
5 : වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ    41උ (1) ව්‍යවස්ථාව යටතේ, ඉදිරිපත් කරනු ලබන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පස්වැනි වාර්තාව.

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XXI (21) කොටස; 
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XXIII (23) කොටස; 
•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVIII (68) කොටස;
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXIX (29) කොටස; සහ
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXIV (34) හා XXXV (35) කොටස්, තෙවැනි කාණ්ඩයේ XXIII (23) හා XXIV (24) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXI (21) හා XXII (22) කොටස්

(iii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXV (25) කොටස; සහ
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXVII (27), XXVIII (28), XXIX (29), XXX (30), XXXI (31), හා XXXII (32) කොටස්, සිව්වැනි කාණ්ඩයේ XIV (14),   XV (15), XVI (16), XVII (17) හා XVIII (18) කොටස්, පස්වැනි කාණ්ඩයේ IV (4), V (5), VI (6), හා VII (7) කොටස් සහ හයවැනි කාණ්ඩයේ XVIII (18), XIX (19), XX (20), XXI (21), XXII (22), XXIII (23) හා XXIV (24) කොටස්



ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2026 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව සහ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16(4) (අ), (ආ), (ඇ) සහ (ඈ) වගන්ති යටතේ ලේඛනය.
(ii)    2022 සහ 2023 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තා.
(iii)    2023 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(v)    (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 151 වගන්තිය සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ එවකට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 සැප්තැම්බර් 04 දිනැති අංක 2452/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(vi)    (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 237 වගන්තිය සමඟ කියවිය යුතු 141, 143, 144, 157අ, 168 සහ 190 වගන්ති යටතේ එවකට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 සැප්තැම්බර් 25 දිනැති අංක 2455/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(vii)    2023 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව.
(viii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(ix)    1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61 වගන්තිය යටතේ එවකට ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 පෙබරවාරි 15 දිනැති අංක‍ 2371/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග. 
(x)    1990 අංක 23 දරන ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනතේ 29 වගන්තිය යටතේ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 මාර්තු 19 දිනැති            අංක‍ 2428/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග. 
(xi)    (129 අධිකාරය වූ) සාප්පු සහ කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය සහ වේතන විධිමත් කිරීමේ) පනතේ 66 වගන්තිය යටතේ කම්කරු අමාත්‍යවරයා විසින් 2025 දෙසැම්බර් 12 දින සාදන ලද නියෝගය.
(xii)    2024 වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xiii)    2024 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තා හතක්, එම කාරක සභාවේ සභාපති,   ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා විසින් පිළිගන්වන ලදී.



පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු රවී කරුණානායක මහතා
වාණිජ සහ වාණිජ නොවන ණය පිළිබඳ විස්තර සහ ගැටළු


අමාත්‍යාංශ නිවේදන

සංචාරක කර්මාන්තයේ ගැටළු සම්බන්ධයෙන් 2025.06.04 දින ගරු දිලිත් ජයවීර මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය, ගරු විජිත හේරත් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i)    අධිකරණ සංවිධාන (සංශෝධන) - 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ
(ii)    විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) - (218 වන අධිකාරය වූ) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ

නමැති පනත් කෙටුම්පත් ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.


කල් තැබීමේ යෝජනාව

“අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වත්මන් තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 දෙසැම්බර් මස 19 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks