පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2023 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා හතරක්, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ආර්. එම්. ගාමිණී රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා - පෙත්සම් හතරයි
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ගීතා හේරත් මහත්මිය - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
එක්ස්-ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් 2025.09.10 දින ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(i) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා වූ
“කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.
(ii) ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය,— ආයතනයේ සාමාජිකයන්ගේ වෘත්තීය ප්‍රමිතීන් සහ විනය පවත්වාගෙන යාම සඳහා වගකිව යුතු ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා ද; තථ්‍ය දේපළ වෘත්තිය සම්බන්ධයෙන් වන ජනතාවගේ උනන්දුව ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
“ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය”
නමැති පනත් කෙටුම්පත ගරු ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ශ්‍රී ලංකා කෘෂිකර්ම ආයතනය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2026) - කාරක සභාව (විසිවැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2026) සභාව විසින් සංශෝධන සහිතව වැඩි ඡන්ද 157 කින් (පක්ෂව 158; විරුද්ධව 01) සම්මත කරන ලදී.
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 25 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(ii) සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත – සංශෝධන සහිතව
(iii) ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත – සංශෝධන සහිතව
(iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත
(v) මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය
(vi) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
(vii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
(viii) මුදල් පනත යටතේ නියෝගය
(ix) එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝගය
(x) වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(xi) එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග
(xii) සුරාබදු ආඥාපනත යටතේ රීති
(xiii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(xiv) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(xv) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය
(xvi) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය
(xvii) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය
(xviii) පරිපූරක මුදල,— ශීර්ෂය 243 — වැඩසටහන 01
(xix) පරිපූරක මුදල,— ශීර්ෂය 249 — වැඩසටහන 01
(xx) පරිපූරක මුදල,— ශීර්ෂය 240 — වැඩසටහන 02
(xxi) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
(xxii) ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව (2023)
(xxiii) ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2019)
(xxiv) ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2020)
(xxv) සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ වාර්ෂික වාර්තාව (2022/2023)
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2015 ට 2026 ජනවාරි මස 6 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks