පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
2 : “සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
3 : “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
4 : ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්
5 : ජාතික තරුණ සම්මේලනයේ සාමාජිකයින් වෙනුවෙන් තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023/2024 වර්ෂය සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි වාර්ෂික වාර්තාව.
(ii) 2024 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii) ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 35 සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනත් මඟින් සංශෝධිත, (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 19(අ) වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජූලි 09 දිනැති අංක 2444/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iv) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(v) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව.
(vi) 2022 වර්ෂය සඳහා සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව.
(vii) 2024 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(viii) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(ix) 2024 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් කුමාර ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ තාවකාලික සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගමගේ මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතා - පෙත්සම් තුනයි
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා - පෙත්සම් දෙකයි
(vi) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා
(vii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය
(viii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා
(ix) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා
(x) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
තෙලිප්පලෙයි රෝහලේ අක්‍රමිකතා
අමාත්‍යාංශ නිවේදන
2025 ජාත්‍යන්තර තරුණ දිනය සම්බන්ධයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය, ගරු සුනිල් කුමාර ගමගේ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(i) ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පිහිටුවීම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ
“ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය”
නමැති පනත් කෙටුම්පත ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පිළිගන්වන ලදී.
(ii) (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ
“දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත – සංශෝධන සහිතව
(ii) රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ නියෝග
(iii) විදේශ විනිමය පනත යටතේ නියමය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ආර්ථිකයට තරුණ තරුණියන්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා වූ වැඩසටහනක්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1746 ට 2025 අගෝස්තු මස 20 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks