පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා රජයේ ගිණුම් කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 34 වගන්තිය ප්‍රකාරව, ජාතික විගණන කාර්යාලය විසින් සකස් කරන ලදුව, මුදල් විෂයභාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ද සමඟ ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2026 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තුව.
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ IV කොටස.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 වර්ෂය සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ii) 2023 වර්ෂය සඳහා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(iii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. ගාමිණී රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) හංසක විජේමුණි මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය
(vi) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා - පෙත්සම් දෙකයි
(vii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා
(viii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
වාහන ආනයනය සඳහා බදු පටිපාටිය
(ii) ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයේ ගැටළු
අමාත්‍යාංශ නිවේදන
(i) රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීම සම්බන්ධයෙන් 2025.07.11 දින ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.
(ii) බන්ධනාගාරවල රඳවා සිටින දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් 2025.02.28 දින ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“රටේ වත්මන් ආර්ථික තත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු විජේසිරි බස්නායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2025 අගෝස්තු මස 19 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks