E   |     |  

2025 අගෝස්තු මස 06 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “ජාතික විගණන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ I කොටස 


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව.
(ii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iii)    2024 වර්ෂය සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iv)    2023 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව.
(v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති,              ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු විජේසිරි බස්නායක මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. සුජිත් සංජය පෙරේරා මහතා - පෙත්සම් දෙකයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්කම් ඉල්යාස් මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දෙගේ මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා                    
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර මහතා - පෙත්සම් තුනයි 
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා                    
(vii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා                    
(viii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද වි‍ජේසිරි මහතා
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන් මහතා


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු රවී කරුණානායක මහතා
ලීසිං සමාගම්වල ක්‍රියාකාරකම් නියාමනය කිරීම

(ii)    ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ගැසට් කිරීම හේතුවෙන් යාපනයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ අනෙකුත් අය මුහුණ දෙන දුෂ්කරතා

 

අමාත්‍යාංශ නිවේදන

සෘජු විදේශ ආයෝජන, සුප්‍රීම්සැට් චන්ද්‍රිකාවේ විස්තර ආදිය සම්බන්ධයෙන් 2025.07.09 දින ගරු ඩී. වී. චානක මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකා පහසුකම් කළමනාකරණ ආයතනය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කේ. කාදර් මස්තාන් මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- 

(i)    ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත  – සංශෝධන සහිතව - දෙවැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 121; විරුද්ධව 25)
(ii)    දුම්කොළ බදු පනත යටතේ නියමය
(iii)    තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ නියෝග 


සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1801 ට 2025 අගෝස්තු මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks