E   |     |  

2025 අගෝස්තු මස 05 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

2 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
3 : “සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLV කොටස; සහ
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ III  හා IV කොටස් සහ නවවැනි කාණ්ඩයේ I කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනා සම්මතය
(ii)    (2025 අප්‍රේල් 28 දිනැති අංක 2434/02 දරන අති විශේෂ ගැසට් පත්‍රය).
(iii)    සංශෝධිත පරිදි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 අප්‍රේල් 28 දිනැති අංක 2434/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iv)    2018 අංක 35 දරන මුදල් පනතේ 51 වගන්තිය සමඟ කියවිය යුතු 19 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝප‍‍භෝගී බද්ද සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 අප්‍රේල් 28 දිනැති අංක 2434/05 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(v)    1988 අංක 83 දරන පනතින් සංශෝධිත, රේගු ආඥා පනතේ (235 අධිකාරය වූ) 10(අ) වගන්තිය යටතේ ආනයනික භාණ්ඩ සඳහා තීරු බද්ද සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 අප්‍රේල් 28 දිනැති අංක 2434/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
(vi)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.
(vii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(viii)    2023 වර්ෂය සඳහා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.
(ix)    2023 වර්ෂය සඳහා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(x)    2024 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xi)    2024 වර්ෂය සඳහා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව.
(xii)    2024 වර්ෂය සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xiii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව.
(xiv)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 52(2) වගන්තිය සමඟ සහ 35(1), (2), සහ (4) වගන්ති සමඟ කියවිය යුතු 58 වගන්තිය යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 අප්‍රේල් 01 දිනැති අංක 2430/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.  
(xv)    2024 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xvi)    2024 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xvii)    2024 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.    
(xviii)    2024 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා - පෙත්සම් දෙකයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය 
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා                    
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා - පෙත්සම් හතරයි 
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී අම්බිකා සාමිවෙල් මෙනෙවිය                    
(vii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා  

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
තරුණ සභා නැවත ස්ථාපිත කිරීමේදී සහ ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදුවන දේශපාලන මැදිහත්වීම්

ගරු තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු දිලිත් ජයවීර මහතා
බහාලුම් නිෂ්කාශන චෝදනාව පිළිබඳ විමර්ශන වාර්තාව

 

අමාත්‍යාංශ නිවේදන

(i)    පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවල ගැටළු සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය, ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

(ii)    යාපනයේ ගොවීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් 2025.07.09 දින ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය, ගරු වසන්ත සමරසිංහ මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

(iii)    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ එම්.බී.බී.එස්. උපාධිය සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීම අත්හිටුවීම සම්බන්ධයෙන් 2025.06.17 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් ඔහුට එරෙහිව කරන ලද අසත්‍ය චෝදනාව

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 මැයි 09 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී. 


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- 

(i)    2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනා සම්මතය - ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 177; විරුද්ධව 0; වැළකී සිටි 1)
(ii)    ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත යටතේ නියෝග
(iii)    අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කෝරලේ පත්තු මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසමකට අදාළ ගැසට් පත්‍රය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1800 ට 2025 අගෝස්තු මස 6 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks