E   |     |  

සභාවේ කටයුතු


ගරු විජිත හේරත් මහතාට "පහලගම ශ්‍රී සෝමරතන නාහිමි පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(ii) දුම්කොළ බදු පනත යටතේ නියෝගය
(iii) සුරාබදු ආඥාපනත යටතේ රීතිය
(iv) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(v) විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක්



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීන ආධාර නැවකට පහර දීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1625 ට 2010 ජූනි මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks