E   |     |  

සභාවේ කටයුතු


ගරු ලලිත් දිසානායක මහතාට "ශ්‍රී ලංකා ගණක ශිල්පී සංගමය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී. විෂය අංක (ii) සංශෝධන සහිතව සම්මත විය.

(i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ii) පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"විශ්‍රාම වැටුප් විෂමතා විසඳීම සඳහා ගනු ලබන පියවර" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ආර්. එම්. පත්ම උදය ශාන්ත ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1630 ට 2009 සැප්තැම්බර් මස 25 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks