බලන්න

E   |     |  

2021 ජුනි මස 08 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
B: ස්ථාවර නියෝග 51(2)(අ) ප්‍රකාරව පළාත් සභාවලට යොමු කරන ලද පනත් කෙටුම්පතක් පිළිබඳව පළාත් සභාවල අදහස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)        1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ‍අප්‍රේල් 23 දිනැති අංක‍ 2224/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(ii)        1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ‍අප්‍රේල් 23 දිනැති අංක‍ 2224/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(iii)        (460 වන අධිකාරය වූ) 1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනතේ 63(2) ඊ ඡේදය යටතේ ඉඩම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 මාර්තු 18 දිනැති අංක 2219/56 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු නිමල් ලාන්සා මහතා                -   පෙත්සම් දෙකයි
(ii)    ගරු තිස්ස අත්තනායක මහතා           -   පෙත්සම් හතරයි
(iii)    ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා                    
(iv)    ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය                    
(v)    ගරු ලලිත් එල්ලාවල මහතා                    
(vi)    ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා                    
(vii)    ගරු කිංස් නෙල්සන් මහතා                    
(viii)    ගරු යදාමිණී ගුණවර්ධන මහතා          -   පෙත්සම් දෙකයි 
            
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

කාබනික පොහොර භාවිතය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී;

(i)        “2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් - 19) (තාවකාලික විධිවිධාන)” - කොවිඩ් - 19 සම්බන්ධිත තත්ත්වයන් හේතුවෙන් නියම කරනු ලැබ ඇති කාලසීමාවක් තුළ ඉටු කිරීමට නීතිය මඟින් නියම කරන ලද ඇතැම් ක්‍රියාවන් ඉටු කිරීමට පුද්ගලයන්හට නොහැකි වූ අවස්ථාවන් සම්බන්ධයෙන් ද; කොවිඩ් - 19 සම්බන්ධිත තත්ත්වයන් හේතුවෙන් යම් අධිකරණයකට එහි කටයුතු සිදු කරගෙන යාමට නොහැකි  වන අවස්ථාවක දී විකල්ප අධිකරණයක් නියම කිරීම සඳහා ද; 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් - 19) පාලනය කිරීමට පහසුකම් සැලස්වීම සඳහා දුරස්ථ සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් අධිකරණ කටයුතු සිදු කරගෙන යාම සඳහා ද; කොවිඩ් - 19 සම්බන්ධිත තත්ත්වයන් හේතුවෙන් ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට නොහැකි වූ ඇතැම් ගිවිසුම්වල පාර්ශවයන් සම්බන්ධයෙන් සහනයක් ලබාදීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා තාවකාලික විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

(ii)        වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට  හෝ දඬුවම්වලට එරෙහිව වූ සම්මුතිය (සංශෝධන) - 1994 අංක 22 දරන වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඬුවම්වලට එරෙහිව වූ සම්මුතිය පනත සංශෝධනය කිරීම සඳහා වූ

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)       මූල්‍ය කළමනාකරණ (වගකීම්) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii)       විසර්ජන පනත යටතේ යෝජනා නවයක්
(iii)       ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි

 

කල් තැබීමේ යෝජනාව

“රටෙහි පවත්නා තත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1630  ට 2021 ජුනි මස 22 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks