E   |     |  

2021 මාර්තු මස 24 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2018 වර්ෂය සඳහා කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික  කාර්ය සාධන වාර්තාව

(iv)    2018 වර්ෂය සඳහා සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව

(v)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ (4) ව්‍යවස්ථාව ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලබන 2021 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ
(vi)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වගන්තිය යටතේ  සෙස් බදු සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජනවාරි 12 දිනැති අංක 2210/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ගාමිණී ලොකුගේ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු මොහමඩ් මුසම්මිල් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු වාසුදේව නානායක්කාර මහතා     -    පෙත්සම් නවයයි
(ii)    ගරු (මේජර්) ප්‍රදීප් උඳුගොඩ මහතා     -     පෙත්සම් තුනයි
(iii)    ගරු කිංස් නෙල්සන් මහතා              -     පෙත්සම් දෙකයි
(iv)    ගරු ඩී. වීරසිංහ මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
ටයිල් සහ සනීපාරක්ෂක උපකරණ ආනයනය තහනම් කිරීම

(ii)    ගරු අනුර දිසානායක මහතා
සංචාරක මාර්ගෝපදේශකයන්ගේ වැටුප් ගැටලු

සංචාරක අමාත්‍ය, ගරු ප්‍රසන්න රණතුංග මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(iii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් මුහුණපාන ගැටලු

කම්කරු අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i)    2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම පිණිස වූ

“සේවකයන්ගේ ජාතික අවම ‍වේතනය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු කම්කරු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

(ii)    1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස වූ

“අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.           

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කිලිනොච්චි දිස්ත්‍රික්කයේ උරුත්තිරපුරම් හි පිහිටි ශිවන් කෝවිලේ සිදුකරන පුරාවිද්‍යා පර්යේෂණ” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 මාර්තු මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks