පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
'A': මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘B’ : සම්බන්ධීකරණ කාරක සභාව පත්කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii) 2018 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii) 2017 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව
(iv) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(v) 2018 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(vi) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ වාර්ෂික වාර්තාව
(vii) 2019 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(viii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix) 1974 අංක 35 දරන රේගු (සංශෝධන) පනතින් සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනතින් සංශෝධිත (235 අධිකාරය වන) රේගු ආඥා පනතේ 19(අ) වගන්තිය යටතේ තීරු බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ජනවාරි 29 දිනැති අංක 2212/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x) 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතේ 7(2) වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 දෙසැම්බර් 23 දිනැති අංක 2207/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) විදුලිබල කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ඩලස් අලහප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
(ii) ගරු ජයන්ත සමරවීර මහතා - පෙත්සම් දොළහයි
(iii) ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු කනක හේරත් මහතා - පෙත්සම් හතරයි
(v) ගරු තිස්ස අත්තනායක මහතා - පෙත්සම් තුනයි
(vi) ගරු විජිත හේරත් මහතා - පෙත්සම් හතරයි
(vii) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් පහයි
(viii) ගරු ජයන්ත කැටගොඩ මහතා - පෙත්සම් දෙකයි
(ix) ගරු හර්ෂණ රාජකරුණා මහතා
(x) ගරු සම්පත් අතුකෝරල මහතා
(xi) ගරු ලලිත් එල්ලාවල මහතා
(xii) ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා
(xiii) ගරු නලින් ප්‍රනාන්දු මහතා
(xiv) ගරු මායාදුන්න චින්තක අමල් මහතා - පෙත්සම් දෙකයි
(xv) ගරු යදාමිණී ගුණවර්ධන මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ග්‍රාම නිලධාරීන් මුහුණදෙන ගැටලු
වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු චමල් රාජපක්ෂ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
සීනි ආනයන බද්ද පිළිබඳව මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ගයන්ත කරුණාතිලක මහතාට අවසර දෙන ලදී.
(ii) “සෙත්සඳ යෝගා නිකේතනයේ කාර්ය භාරය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු උද්දික ප්‍රේමරත්න මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) රේගු ආඥාපනත යටතේ යෝජනාව
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්
(iii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වී මිලදී ගැනීම හා අලෙවිය සම්බන්ධ ගැටලු නිරාකරණය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අමරකීර්ති අතුකෝරළ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 මාර්තු මස 24 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks