පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘B’ : තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 සහ 2019 වර්ෂ සඳහා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තා
(ii) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii) 2017 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv) 2015 වර්ෂය සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(v) 2017 වර්ෂය සඳහා සැලසිනෙ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) 2014 සහ 2015 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තා
(vii) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව
(viii) 2020 අංක 6 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2020.12.21 සිට 2020.12.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(ix) 2020 අංක 7 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2021.01.01 සිට 2021.01.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(x) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ ෂැන්ග්‍රි-ලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2020 දෙසැම්බර් 18 දිනැති අංක 2206/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ සිනෝලංකා හොටෙල්ස් ඇන්ඩ් ස්පා (ප්‍රයිවට්) ලිමිටඩ් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2020 දෙසැම්බර් 18 දිනැති අංක 2206/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2020 නොවැම්බර් 17 දිනැති අංක 2202/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ප්‍රසන්න රණතුංග මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ඩග්ලස් දේවානන්දා මහතා
(ii) ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු ශෙහාන් සේමසිංහ මහතා - පෙත්සම් තුනයි
(iv) ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(v) ගරු තිස්ස අත්තනායක මහතා
(vi) ගරු නිරෝෂන් පෙරේරා මහතා
(vii) ගරු ජේ. සී. අලවතුවල මහතා
(viii) ගරු බුද්ධික පතිරණ මහතා
(ix) ගරු කුමාරසිරි රත්නායක මහතා
(x) ගරු ජයන්ත කැටගොඩ මහතා
(xi) ගරු ගුණතිලක රාජපක්ෂ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
වාහන ආනයනය කිරීම
මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
සතොස අලාභයන් පිළිබඳව වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2020 නොවැම්බර් 28 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු තිස්ස අත්තනායක මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
(ii) “රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අමරකීර්ති අතුකෝරළ මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත යොමු කරන ලදී.
(iii) “සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ නියෝග (විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය (2021 පෙබරවාරි 10))
විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1300 ට 2021 පෙබරවාරි මස 24 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks