පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ දී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා අතිරේක මන්ත්‍රීන් පත් කිරීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ X, XI, XII සහ XIII කොටස් ද, සිව්වැනි කාණ්ඩයේ IV සහ V කොටස් ද, හයවැනි කාණ්ඩයේ III, IV, V, VI, VII, VIII, IX සහ X කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව,
• ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණය කිරීම හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ අටවැනි කාණ්ඩයේ XIII කොටස;
• මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ කාර්යසාධනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ අටවැනි කාණ්ඩයේ XIV කොටස;
• ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය ඉටුකිරීමේ කාර්යසාධනය ඇගයීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ අටවැනි කාණ්ඩයේ XV කොටස; සහ
• හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්යසාධනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ අටවැනි කාණ්ඩයේ XVI කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2019 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව හා ගිණුම්
කාරක සභා වාර්තා පිළිගැන්වීම
වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු විදුර වික්‍රමනායක මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු තේනුක විදානගමගේ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් යළි මෙරටට ගෙන්වීමේ වැඩසටහන
අමාත්‍යාංශ නිවේදන
• කොවිඩ්-19 එන්නත සම්බන්ධයෙන් 2021.01.05 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට
• කොවිඩ්-19 හේතුවෙන් සිදුවන මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් 2020.12.10 දින ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට
සෞඛ්‍ය අමාත්‍ය, ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විසින් පිළිතුරු සපයන ලදී.
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 112(1) හි විධිවිධාන ප්‍රකාරව සහ 2020 දෙසැම්බර් 08 තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, 2020 සැප්තැම්බර් 08 පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා විසි අටට (28) අමතරව, මතු දැක්වෙන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා දෙක (2) පත් කළ යුතු ය.
1. තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
2. මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
එකී කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර බලා වාර්තා කිරීම සඳහා එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූ ද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.
එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (3) සංයුක්ත විය යුතුය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “1999 අංක 08 දරන දුම්කොළ බදු පනත (සංශෝධන)”
(ii) “1975 අංක 1 දරන වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (i) පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා වෙතද, (ii) පනත් කෙටුම්පත අතිගරු ජනාධිපතිතුමා වෙතද යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයන් හතරක්
(ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක්
(iii) මුදල් පනත යටතේ නියමය
(iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් තුනක්
(v) බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“අධී සේවක පදනම මත විදුහල්පති පත්වීම් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එච්. නන්දසේන මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1811 ට 2021 ජනවාරි මස 8 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks