පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘B’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ii) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ගාමිණී ලොකුගේ මහතා
(ii) ගරු (වෛද්‍ය) තිලක් රාජපක්ෂ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු කම්කරු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී -
(i) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය සහ වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) - (129 වන අධිකාරය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය සහ වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා
(ii) ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) - 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත සංශෝධනය කිරීම සඳහා
(iii) අවම වේතන (ඉන්දියානු කම්කරු) (සංශෝධන) - (135 වන අධිකාරය වූ) අවම වේතන (ඉන්දියානු කම්කරු) ආඥාපනත සංශෝධනය කිරීම පිණිස
(iv) කර්මාන්තශාලා (සංශෝධන) - (128 වන අධිකාරය වූ) කර්මාන්තශාලා ආඥාපනත සංශෝධනය කිරීම පිණිස
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත
ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව (පක්ෂව 156; විරුද්ධව 65) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කරන ලදී.
පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම, සභාව විසින් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරන ලදී. ඡන්ද විමසීමක් පවත්වන ලදුව (පක්ෂව 156; විරුද්ධව 65; වැළකී සිටි 0; නොපැමිණි 01) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2136 ට 2020 ඔක්තෝබර් මස 23 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks