පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
‘B’ : කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන්
‘C’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ II කොටස, තෙවැනි කාණ්ඩයේ II කොටස සහ නවවැනි කාණ්ඩයේ I කොටස
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය වෙත ලැබී ඇති ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගබඩා කිරීම හා බෙදාහැරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ දහවැනි කාණ්ඩයේ XVII කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016, 2017, 2018 හා 2019 වර්ෂ සඳහා රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා
(ii) 2018 වර්ෂය සඳහා ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(iii) 2019 වර්ෂය සඳහා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු අංශයේ කාර්යසාධන වාර්තාව
(iv) 2019 වර්ෂය සඳහා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිවාස හා ඉදිකිරීම් අංශයේ කාර්යසාධන වාර්තාව
(v) 2019 වර්ෂය සඳහා ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව
(vi) 2019 වර්ෂය සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ සමාජ ආරක්ෂණ අංශයේ කාර්යසාධන වාර්තාව
(vii) 2019 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(viii) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලීසියේ කාර්යසාධන වාර්තාව
(ix) 2019 වර්ෂය සඳහා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව
(x) 2019 වර්ෂය සඳහා සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම්
(xi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව
(xii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට 2020 ජුනි 13 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස සම්මානිත මහාචාර්ය වීරකෝන් මුදියන්සේලාගේ අබේරත්න බණ්ඩාර මහතා පත්කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජුනි 29 දිනැති අංක 2182/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xiii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ, තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෙනුවට 2020 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස ආචාර්ය නවරත්නගේ සුනිල් ජයරත්න නවරත්න මහතා පත්කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජුනි 29 දිනැති අංක 2182/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xiv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ, තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෙනුවට 2020 ජූලි 01 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස මහාචාර්ය එස්. එම්. ඒ. නානායක්කාර මහතා පත්කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජූලි 01 දිනැති අංක 2182/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xv) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ගාමිණී ලොකුගේ මහතා - පෙත්සම් හතරයි
(ii) ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා - පෙත්සම් තුනයි
(iii) ගරු හර්ෂණ රාජකරුණා මහතා - පෙත්සම් තුනයි
(iv) ගරු අමරකීර්ති අතුකෝරළ මහතා
(v) ගරු මංජුලා දිසානායක මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූඩීස් ආයතනයේ ණය ශ්‍රේණිගත කිරීම සහ ණය තත්ත්වය
මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා මහාචාර්ය ඒකකයක් ආරම්භ කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සමන්ප්‍රිය හේරත් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2020 ඔක්තෝබර් මස 7 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks