පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) ව්‍යවස්ථාව සහ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 30 වගන්තිය ප්‍රකාරව, 2019 වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා (2019.04.01 - 2019.06.30) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව; සහ
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2019 වර්ෂයේ සිව්වැනි කාර්තුව සඳහා (2019.10.01 – 2019.12.31), 2020 වර්ෂයේ පළමුවැනි කාර්තුව සඳහා (2020.01.01 – 2020.03.31) සහ දෙවැනි කාර්තුව සඳහා (2020.04.01 – 2020.06.30) සීමානිර්ණය කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තා
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ii) 2019 වර්ෂය සඳහා වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ කාර්යසාධන වාර්තාව
(iii) 2019 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(iv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2020.02.18 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ පළමුවැනි වාර්තාවේ ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(v) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2020.02.18 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ පළමුවැනි වාර්තාවේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2020.02.18 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ පළමුවැනි වාර්තාවේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2020.02.18 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ පළමුවැනි වාර්තාවේ කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(viii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2020.02.18 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ පළමුවැනි වාර්තාවේ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 මැයි 18 දිනැති අංක 2176/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(x) (105 අධිකාරය වූ) වෛද්‍ය ආඥාපනතේ 72 වගන්තිය සමඟ කියවිය යුතු 19(ඉ) වගන්තිය යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 26 දිනැති අංක 2055/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xi) (105 අධිකාරය වූ) වෛද්‍ය ආඥාපනතේ 72 වගන්තිය සමඟ කියවිය යුතු 19(ඉ) වගන්තිය යටතේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යතුමිය විසින් සාදන ලදුව, 2019 දෙසැම්බර් 26 දිනැති අංක 2155/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2020.02.18 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ පළමුවැනි වාර්තාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2020.02.18 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ පළමුවැනි වාර්තාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පියංකර ජයරත්න මහතා
(ii) ගරු චන්දිම වීරක්කොඩි මහතා - පෙත්සම් හතරයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ආබාධිත රණවිරුවන් මුහුණ පා ඇති ගැටලු
වාරිමාර්ග අමාත්‍යතුමා සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය, ගරු චමල් රාජපක්ෂ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
කල් තැබීමේ යෝජනාව
“2019 වර්ෂයේ තෙවැනි කාර්තුව (2019.07.01 – 2019.10.30) සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු සාගර කාරියවසම් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2020 සැප්තැම්බර් මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks