E   |     |  

2020 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A: උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා අතිරේක මන්ත්‍රීවරයෙක් පත් කිරීම
B: ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
C: රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
D: පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
E: මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
F: මහජන ගැලරි සඳහා අවසර දීම සහ අමුත්තන්ගේ පැමිණීම සීමා කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව,
•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XIX කොටස;
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIX කොටස සහ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XVIII කොටස සහ XIX කොටස; සහ
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ I කොටස

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ජාතික විගණන කාර්යාලය වෙත 2018 අගෝස්තු 01 දින සිට 2019 ජූලි 31 දක්වා ලැබී ඇති මහජන නියෝජනයන් සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව හා වාර්ෂික ගිණුම්
(ii)    2019 වර්ෂය සඳහා විගණන සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(iii)    2019 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(iv)    2019 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව
(v)    2019 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(vi)    2019 වර්ෂය සඳහා සමූපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(vii)    2019 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

(viii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජුනි 04 දිනැති අංක 2126/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන, තාක්ෂණ   නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජනවාරි 30 දිනැති අංක 2160/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන, තාක්ෂණ   නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජනවාරි 30 දිනැති අංක 2160/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන, තාක්ෂණ   නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජනවාරි 30 දිනැති අංක 2160/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන, තාක්ෂණ   නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජනවාරි 30 දිනැති අංක 2160/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන, තාක්ෂණ   නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 පෙබරවාරි 19 දිනැති අංක 2163/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiv)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන, තාක්ෂණ   නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජූලිි 03 දිනැති අංක 2182/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

පාර්ලිමේන්තුවේ සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය,

උසස් නිලතල පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124(1) සහ 127(1) හි විධිවිධානවල සහ 2020 සැප්තැම්බර් 08 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා‍වෙ හි කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරයන් දහඅට දෙනෙකුගෙන් (18) සමන්විත විය යුතු ය.

 

ශෝක ප්‍රකාශ යෝජනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාවප්‍රාප්ත ගරු ආරුමුගන් තොණ්ඩමන් මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830  ට 2020 සැප්තැම්බර් මස 22 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks