පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii) 2018.03.01 සිට 2018.10.26 දක්වා කාලයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2019.10.23 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(iv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට 2019 අගෝස්තු 07 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස සම්මානිත මහාචාර්ය කදිර්කාමනාදන් කන්දසාමි මහතා පත් කිරීම සම්බන්ධයෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 අගෝස්තු 23 දිනැති අංක 2137/94 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(v) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෙනුවට 2019 අගෝස්තු 15 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත කුමාර් තිරුණාවුකරසු මහතා පත් කිරීම සම්බන්ධයෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 අගෝස්තු 23 දිනැති අංක 2137/95 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෙනුවට 2019 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) හේරත් මුදියන්සේලාගේ උදය බණ්ඩාර හේරත් මහතා පත් කිරීම සම්බන්ධයෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 නොවැම්බර් 07 දිනැති අංක 2148/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට 2019 නොවැම්බර් 07 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස සම්මානිත මහාචාර්ය කදිර්කාමනාදන් කන්දසාමි මහතා පත් කිරීම සම්බන්ධයෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 නොවැම්බර් 07 දිනැති අංක 2148/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෙනුවට 2019 නොවැම්බර් 15 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත කුමාර් තිරුණාවුකරසු මහතා පත් කිරීම සම්බන්ධයෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 නොවැම්බර් 07 දිනැති අංක 2148/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු කරු ජයසූරිය මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.
(iv) ව්‍යාපාර හා වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා විසින් පිළිගන්වන ලදී.
(v) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(vi) ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මලිත් ජයතිලක මහතා විසින් පිළිගන්වන ලදී.
(vii) අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා එම කාරක සභාවේ සභාපති ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
අමාත්‍යාංශ නිවේදන
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය සහ නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
කල් තැබීමේ යෝජනාව
“ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගනුදෙනුව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1925 ට 2020 මාර්තු මස 3 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks