E   |     |  

2020 පෙබරවාරි මස 19 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව,

•    2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XI  කොටස;
•    2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XVI කොටස;
•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXV කොටස, තෙවැනි කාණ්ඩයේ XI කොටස සහ නවවැනි කාණ්ඩයේ XII, XIII, XIV හා XV කොටස්;
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIII හා XXIV කොටස්, තෙවැනි කාණ්ඩයේ XII කොටස සහ නවවැනි කාණ්ඩයේ X, XI හා XII කොටස්; සහ
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ II කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා ජාතික පර්යේෂණ සභාවේ වාර්ෂික වාර්තාව
(ii)    2013, 2014 සහ 2015 වර්ෂ සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තා

(iii)    (105 අධිකාරය) වෛද්‍ය ආඥාපනතේ 72 වගන්තිය සමඟ කියවිය යුතු 19(ඉ) වගන්තිය යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 26 දිනැති අංක 2055/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ එම නියෝග සංශෝධනය කරමින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 දෙසැම්බර් 26 දිනැති අංක 2155/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා එම කාරක සභාවේ සභාපති ගරු සුජිත් සංජය පෙරේරා මහතා විසින් පිළිගන්වන ලදී.
(iv)    ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මලිත් ජයතිලක මහතා විසින්  පිළිගන්වන ලදී.
(v)    අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා එම කාරක සභාවේ සභාපති ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි අපරාධවල වැඩිවීම

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය සහ අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු චමල් රාජපක්ෂ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු අනුර දිසානායක මහතා

පැරණි සහ නව නිර්දේශයන් යටතේ 2019 (උ/පෙළ) සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම

තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය (සංස්ථාගත කීරීමේ) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් සම්මත කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ වෝහාරික විගණන වාර්තාව” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2020 පෙබරවාරි මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks