E   |     |  

2020 පෙබරවාරි මස 05 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු වැලිගොඩගේ සමන් රත්නප්‍රිය සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A: මහ බැංකුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සහ එහි ඇමුණුම්වල මුද්‍රිත පිටපත් සම්බන්ධයෙන්
B: රජ‍යේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
C: පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
D: රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
E: නෛතික කටයුතු (දුෂණ විරෝධී) සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා අතිරේක මන්ත්‍රීවරයෙක් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව
(ii)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(iv)    2018 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(v)    2018 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi)    2018 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන
(vii)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(viii)    2018 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(ix)    2018 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(x)    2018 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(xi)    2018 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(xii)    2018 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(xiii)    2013/2014, 2014/2015 සහ 2015/2016 වර්ෂ සඳහා බී සී සී ලංකා ලිමිටඩ් හි වාර්ෂික වාර්තා

(xiv)    2018 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(xv)    2019 අංක 6 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2019.12.01 සිට 2019.12.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xvi)    2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 3(ඔ) වගන්තිය සමඟ කියවිය යුතු 142 වගන්තිය යටතේ සායනික පරීක්ෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ඔක්තෝබර් 14 දිනැති අංක 2145/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xvii)    2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වගන්තිය සමඟ කියවිය යුතු 142 වගන්තිය යටතේ මිල නියම කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ඔක්තෝබර් 21 දිනැති අංක 2146/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xviii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ  2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xix)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට 2019 සැප්තැම්බර් 24 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස  බී. අසෝක කීර්ති ද සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 සැප්තැම්බර් 24 දිනැති අංක 2142/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.  
(xx)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ, තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෙනුවට 2020 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස ආචාර්ය නවරත්නගේ සුනිල් ජයන්ත නවරත්න මහතා පත් කිරීම සම්බන්ධයෙන් සහ 2019 නොවැම්බර්  07 දිනැති අංක 2148/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පරිච්ඡින්න කරමින් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජනවාරි 03 දිනැති අංක 2156/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxi)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(2) වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ඔක්තෝබර් 02 දිනැති අංක 2143/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපතිවරයා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් පිළිගන්වන ලදී.

 

අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලැබූ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-

(i)    ගරු අනුරාධ ජයරත්න මහතා
(ii)    ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(iii)    ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා
(iv)    ගරු අනුර දිසානායක මහතා

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
නව කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කිරීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය, ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, ගරු මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී -

(i)    ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) - 2009 අංක 9 දරන ජාතිය ‍ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ
(ii)    ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) - 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා වූ

 

පාර්ලිමේන්තුවේ සභානායක, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් ‍යෝජනාවට සභාව එකඟ විය -

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව, නියෝජ්‍ය කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් දහහතර දෙනෙකුගෙන් (14) සමන්විත විය යුතු ය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “ශ්‍රී ලංකා භෞතචිකිත්සක සංගමය සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත”  

ඉදිරිපත් කිරීමට ගරු එස්. එම්. මරික්කාර් මහතාට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යතුමිය සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යතුමිය වෙත යොමු කරන ලදී.

(ii)    “ඉඩම් සංවර්ධන ආඥාපනත (464 වන අධිකාරය) සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත”  

ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මියට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍යතුමා සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මෝටර් වාහන පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වැවිලි කර්මාන්ත හිමිකාරීත්වය කුඩා වතුවලට ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1848 ට 2020 පෙබරවාරි මස 6 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks