E   |     |  

2020 ජනවාරි මස 24 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා අතිරේක මන්ත්‍රීවරයෙක් පත් කිරීම
B: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -
•    2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XV කොටස;
•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIV කොටස සහ තෙවැනි කාණ්ඩයේ X කොටස;
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXII කොටස සහ තෙවැනි කාණ්ඩයේ XI කොටස; සහ
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ I කොටස සහ දසවැනි කාණ්ඩයේ I සහ IV කොටස්

(ii)    ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41ආ(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 වර්ෂයේ තෙවැනි කාර්තුව (2019.07.01 – 2019.09.30) සඳහා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
විශ්වවිද්‍යාල විද්‍යායතනයන්හි ගැටලු

තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පාර්ලිමේන්තුවේ සභානායක, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් ‍යෝජනා වලට සභාව එකඟ විය -

(i)    අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

මතු දැක්වෙන පරිදි අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා විසි නවයක් (29) පත් කළ  යුතුය:—

1.    ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
2.    මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව        
3.    බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
4.    නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
5.    මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
6.    අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
7.    අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
8.    විදේශ සබඳතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
9.    නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
10.    මාර්ග සහ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  
11.    වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  
12.    ප්‍රවාහන සේවා කළමනාකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
13.    විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
14.    ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
15.    කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
16.    සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
17.    ධීවර හා ජලජ සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
18.    තොරතුරු සහ ජනමාධ්‍ය  කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
19.    උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
20.    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
21.    අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
22.    ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
23.    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  
24.    කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  
25.    පරිසර සහ වනජීවි සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  
26.    ඉඩම් හා ඉඩම් සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
27.    වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
28.    කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
29.    සංචාරක සහ ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112හි විධිවිධානවල  කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර බලා වාර්තා කිරීම සඳහා එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂයභාර අමාත්‍යයවරයා සභාපතිවරයා වූ ද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් හත් දෙනෙකුගෙන් (07) සමන්විත විය යුතු ය.

එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවක ගණපූරණය සඳහා මන්ත්‍රීවරයන් තුන් දෙනෙකු (03) විය යුතුය.

(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දහතුන් දෙනෙකුගෙන් (13) සමන්විත විය යුතු ය.

 

ශෝක ප්‍රකාශ යෝජනා

පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාවප්‍රාප්ත ගරු ටී. රංජිත් ද සොයිසා මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1548 ට 2020 පෙබරවාරි මස 5 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks