පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
තිරසර සංවර්ධන සහ පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සන්දිත් සමරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
අලි-මිනිස් ගැටුම
පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍ය සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය, ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පාර්ලිමේන්තුවේ සභානායක, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා වලට සභාව එකඟ විය -
(i) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් විසිහතර දෙනෙකුගෙන් (24) සමන්විත විය යුතු ය.
(ii) උසස් නිලතල පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 (1) හි විධිවිධානවල සහ 2019 ජූලි 12 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණ ද, 2020 ජනවාරි 21 වැනි දින තේරීම් කාරක සභාව විසින් තීරණය කරන ලද පරිදි උසස් නිලතල පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසිපස් දෙනෙකුගෙන් (25) සමන්විත විය යුතු ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග තුනක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“රටේ පවතින දේශපාලනික, සමාජීය සහ ආර්ථික තත්වය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1927 ට 2020 ජනවාරි මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks