බලන්න

E   |     |  

2020 ජනවාරි මස 21 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

මහ බැංකුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii)    2016 වර්ෂය සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

(iv)    2018.03.01 සිට 2018.10.26 දක්වා කාලයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2019.10.23 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ  තෙවැනි වාර්තාවේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(v)    2019 අංක 6 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2019.11.01 සිට 2019.11.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(vi)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජූලි 10 දිනැති අංක 2131/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 අගෝස්තු 09 දිනැති අංක 2135/55 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 අගෝස්තු 10 දිනැති අංක 2135/68 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ඔක්තෝබර් 14 දිනැති අංක 2145/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 දෙසැම්බර් 01 දිනැති අංක 2151/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෙනුවට 2019 අගෝස්තු 01 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) හේරත් මුදියන්සේලාගේ උදය බණ්ඩාර හේරත් මහතා පත් කිරීම සම්බන්ධයෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 අගෝස්තු 23 දිනැති අංක 2137/96 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට 2019 දෙසැම්බර් 13 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස සම්මානිත මහාචාර්ය වීරකෝන් මුදියන්සේලාගේ අබේරත්න බණ්ඩාර මහතා පත් කිරීම සම්බන්ධයෙන් සහ 2019 සැප්තැම්බර් 24 දිනැති අංක 2142/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පරිච්ඡින්න කරමින් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 දෙසැම්බර් 13 දිනැති අංක 2153/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෙනුවට 2019 දෙසැම්බර් 13 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය පත් කිරීම සම්බන්ධයෙන් සහ 2019 නොවැම්බර් 07 දිනැති අංක 2148/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පරිච්ඡින්න කරමින් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 දෙසැම්බර් 13  දිනැති අංක 2153/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

තිරසර සංවර්ධන සහ පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සන්දිත් සමරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
රැකියා විරහිත උපාධිධාරීන්

ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු අනුර දිසානායක මහතා
යෝජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම

විදේශ සබඳතා අමාත්‍ය සහ නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

රජයේ සේවකයින්ට එරෙහි දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් 2020.01.08 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට විදේශ සබඳතා අමාත්‍ය සහ නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

පාර්ලිමේන්තුවේ සභානායක, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් ‍යෝජනා වලට සභාව එකඟ විය -

(i)    තේරීම් කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පවත්නා සභාවාරයේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව, කථානායකවරයාගේ සභාපතීත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දහහත් දෙනෙකුගෙන් (17) සමන්විත විය යුතු ය.

(ii)    තේරීම් කාරක සභාව

අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, පහත නම් සඳහන් සාමාජික මන්ත්‍රීවරයන් දහහත් දෙනා (17) පවත්නා සභාවාරය තුළදී මෙකී තේරීම් කාරක සභාවේ සේවය කළ යුතුය:-

ගරු චමල් රාජපක්ෂ මහතා     
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා     
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ගරු මහින්ද සමරසිංහ මහතා
ගරු ගාමිණී ලොකුගේ මහතා
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා    
ගරු ජෝන් අමරතුංග මහතා    
ගරු විජිත හේරත් මහතා
ගරු රිසාඩ් බදියුදීන් මහතා
ගරු පාඨලී චම්පික රණවක මහතා
ගරු මනෝ ගනේසන් මහතා
ගරු නිරෝෂන් පෙරේරා මහතා
ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“1952 ‍අංක 44 දරන උඩරට විවාහ හා දික්කසාද පනත ඉවත්කිරීම සඳහා වූ පනත් කෙටුම්පත”

ඉදිරිපත් කිරීමට ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන්ට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග නවයක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 9 දක්වා සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“2020 වර්ෂයේ 1 ශ්‍රේණිය සඳහා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1918 ට 2020 ජනවාරි මස 22 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks