පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කාරක සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව,
• 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ IX කොටස;
• 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ IX, X, XI, XII, XIII, XIV, XV හා XVI කොටස්, දෙවැනි කාණ්ඩයේ V, VI, VII, VIII, IX, X, XI, XII, XIII, XIV හා XV කොටස්, තෙවැනි කාණ්ඩයේ III, IV, V හා VI කොටස්, සිව්වැනි කාණ්ඩයේ I හා II කොටස්, පස්වැනි කාණ්ඩයේ III හා IV කොටස්, හයවැනි කාණ්ඩයේ II, III, IV, V, VI, VII හා VIII කොටස් සහ නවවැනි කාණ්ඩයේ II, III, IV හා V කොටස්; සහ
• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ XIII කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1985 අංක 48 දරන හා 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු එකී පනතේ 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 දෙසැම්බර් 06 දිනැති අංක 2152/63 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(ii) 2005 අංක 6 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් සංශෝධනය කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2අ වගන්තිය යටතේ එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 නොවැම්බර් 29 දිනැති අංක 2151/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii) 2005 අංක 6 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් සංශෝධනය කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2අ වගන්තිය යටතේ එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 දෙසැම්බර් 06 දිනැති අංක 2152/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iv) 2018.03.01 සිට 2018.10.26 දක්වා කාලයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2019.10.23 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(v) 2018 වර්ෂය සඳහා ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
රජයේ සේවකයින්ට එරෙහි දේශපාලන පළිගැනීම්
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “1975 අංක 1 දරන වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත”
ඉදිරිපත් කිරීමට ගරු (ආචාර්ය) විජයදාස රාජපක්‍ෂ මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
(ii) “1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත්කිරීම සඳහා වූ පනත් කෙටුම්පත”
(iii) “1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත”
ඉදිරිපත් කිරීමට ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන්ට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (ii) සහ (iii) පනත් කෙටුම්පත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
(iv) “විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත”
(v) “ශ්‍රී ලංකාවේ විවාහවීමේ අවම වයස හඳුන්වාදීම සඳහා වූ පනත් කෙටුම්පත”
(vi) “සිවිල් නඩු විධාන සංග්‍රහය (627 වන වගන්තිය) සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත”
ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මියට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (iv) සහ (v) පනත් කෙටුම්පත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා වෙත සහ (vi) පනත් කෙටුම්පත අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව අමතා කරන ලද කථාව” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2020 ජනවාරි මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks